දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිද වැටීමක්

0
Power outages in many areas -ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම්
ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම් වාර්තා වන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව මධ්‍යම ,දකුණ ,සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටත්
විදුලිය බිඳ වැටී ඇති බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්වයත් සමග පාරිභෝගිකයින් දෙලක්ෂ විසි දහසක් පමණ බලපෑමට ලක්ව ඇති බවද ඔහු කියා සිටියා.

විදුලි බල අමාත්‍යාංශය සදහන් කරන්නේ ඇදහැලෙන වර්ෂාවෙන් පාරිභෝගිකයන් 220,000කට මෙලෙස විදුලිය බිද වැටීමක් සිදුව ඇති බවයි.