පස්කන්දක් තරුණියක් බිලි ගනී

0
deth - අලව්වේ නායයෑමකින් තරුණියක් මරුට
අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මව, දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති බව සඳහන්.

මිය ගිය තරුණිය කොළඹ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ තරුණියක්.

අනතුරින් මවට සහ සොහොයුරාට තුවාල සිදුවී නැහැ.