මොළය හකුලන භයානක වෛරසයක් පැතිරෙයි

0
zika virus - මොළය හකුලන භයානක වෛරසයක් පැතිරෙයි
ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන වෛරසයක් හඳුනා ගනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයකින් සිකා වෛරස ආසාදනය වූ 89 දෙනෙක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර ළමයින් 17 දෙනෙක් ද වන බව වාර්තා විය.

ඉන්දියාවෙන් පළමුවරට මෙම වෛරසයේ ආසාදිතයින් 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා විය.

මදුරුවන් මගින් බෝ වන මෙම රෝගය ගර්භනී මව්වරුන්ට වැලඳුණු පසු අලුත ඉපදෙන දරුවන්ගේ මොළය හැකිළෙන අතර ප්‍රතිශක්තිය අඩුකරන දුර්ලභ Guillain-Barre syndrome නම් රෝගී තත්ත්වයද ඇතිවෙයි.

එම වෛරසය ලිංගික සබඳතා හරහා ද සම්ප්‍රේෂණය වන බවට හඳුනාගෙන තිබේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම ආසාදිතයින් හමු වී ඇත්තේ පළමු වරටය