ගුරුවරුන් විදුහල්පතිවරුන් අද විරෝධතාවක

0
Teachers Strike - ගුරු - විදුහල්පතිවරුන් අද විරෝධතාවක
ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අද ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිටට එක්වෙමින් මෙම විරෝධතාව සිදුකිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

මේ අතර, මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල්වල ගුරුවරුන් අද (09) අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් කියා සිටියේ මෙඩේරිගම විදුහලේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට තර්ජනය කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මෙතෙක් පොලිසිය අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.