රඹුක්කන නාය යෑමක්.. සිව් දෙනෙක් සිටි නිවසක් සම්පූර්ණයෙන් යටවෙයි…

0
Flood - රඹුක්කන නාය යෑමක්.. සිව් දෙනෙක් සිටි නිවසක් සම්පූර්ණයෙන් යටවෙයි...
නායයෑමක් හේතුවෙන් රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇත.
එම නිවසේ එම අවස්ථාවේ මව, පියා, දියණිය සහ තවත් ඥාතී දියණියක් සිට තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මව, දියණිය සහ අනෙක්  තැනැත්තිය බව අප වාර්තාකරු පැවසීය.

පියා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.