කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

0
Special Notice from the Meteorological Department - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
ඉදිරි පැය 24 තුළදී ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපක් ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (08) සවස් කාලයේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක ප්‍රජාව ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙසට දැනුම් දෙන බවයි.

‘මේ අතර වයඹ, උතුරු සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.’

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.