විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කරනනැයි ඉල්ලීමක්

0
Viddayapeeta Studentes - විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කරනනැයි ඉල්ලීමක්
විද්‍යාපීඨවිද්‍යාපීඨ 19ක ආචාර්ය සංගම් සහ දෙමව්පියන් මේ වනවිට බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ විරෝධතාවක නිරත වනවා. ඒ, අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස ඉල්ලමින්.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන බවට ප්‍රකාශ කර ඇතත්, ඊට අදාළ කැබිනට් අනුමැතිය පවා ලැබී තිබියදී ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඊට බාධා පමුණුවන බවයි විරෝධතාවට එක්වෙමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළේ.