පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් සොයාගැනේ

0
A human skull - පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් සොයාගැනේ
වේල්ලවීදියෙන් හමු වූ හිස සුන් කාන්තාවගේ හිස, බඩල්කුඹුරෙන්? බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයේ තිබී මිනිස් හිස් කබලක් හමු වී තිබෙනවා.

කිලෝමීටර් 11 කණුව ආසන්නයේ පාළු ඉඩමක තිබී මෙම හිස් කබල සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ,

මීට මාස කිහිපයකට පෙර කොළඹ – වේල්ලවිථිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී හමු වූ කවන්ද කාන්තා මළසිරුර හා මෙම සොයා ගත් මිනිස් හිස් කබල අතර සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පදිංචිව සිටියේ ද බඩල්කුඹුර ප්‍රදේශයේ බැවින් ඊට අදාළව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.