දඹුල්ලේ එළවළු අඩුවෙයි.. මිල වැඩිවෙයි…

0
Vegetables Price - දඹුල්ලේ එළවළු අඩුවෙයි මිල වැඩිවෙයි
වෙනත් දිනවලදී එළවළු කිලෝ ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (07 වැනිදා)වන විට එළවළු කිලෝ ලක්ෂ හතත් අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳ සංගමයේ සභාපති යු . බී. ඒකනායක පැවසීය.

පොහොර කෘමිනාශක, හිඟයට වඩා එළවළු මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය බව දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉල්ලුම සහ සැපයුම අනුව එළවළු මිල තීරණය වන නිසා බෝංචි ,මාළු මිරිස්, කැරට් ,ලීස් ආදී කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 200 සිට 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය .එමෙන්ම පහත රට ප්‍රදේශවලින් ලැබෙන මඤ්ඤොක්කා සහ කැකිරි ,වට්ටක්කා හැරෙන්නට අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 150ක් දෙසිය අතර තොග මිල ගණන් යටතේ අලෙවි වන බව ද පෙන්වා දුන්නේය. රුපියල් 140 ත් 150 ත් අතර අලෙවි වූ තක්කාලි කිලෝවක් රුපියල් 280 ත් 300ත් අතර ඉහළ මිලකට අලෙවි වීම ද විශේෂත්වයකි.බුණා.

ආර්ථික මධ්‍යස්ථානය වෙනදා වෙළෙන්දන් සහ ගොවීන් ගෙන් පිරී ඉතිරී ගිය ද මේ දිනවල එතරම් ගොවීන් පිරිසක් ආර්ථික මධ්‍යස්ථානය තුළ දැක ගැනීමට නොහැකි අතර පාළු ස්වභාවයක් ගෙන තිබිණ.