සිව්වැනි කොවිඩ් රැල්ලක පෙරනිමිති

0
Warning of Covid New Wave - සිව්වැනි කොවිඩ් රැල්ලක පෙරනිමිති

දෙසැම්බර් මාසයේදී සිව්වැනි කොවිඩ් රැල්ලක අවදානමක් ඇතිවිය හැකි බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අනතුරු අගවනවා.

මේ අතර, ශ්‍රී ලංකාව මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා දෙලක්ෂ 2000ක තොගයක් කටුනායක ගුවන් තොටුපළට රැගෙන විත් තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදී ගත් මෙම ෆයිසර් එන්නත් මාත්‍රා දෙලක්ෂ 2000ක තොගය බෙල්ජියමේ සිටයි රැගෙන විත් ඇත්තේ.

මේ අතර, මෙරට තුළ 4 වන රැල්ලක අවදානමක් දෙසැම්බර් මාසයේදී ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙනවා.

අනුරාධපුර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් නැවතත් රට තුළ සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බවයි.