ආසාදිතයන් ප‍්‍රමාණය ඉහළ ගියහොත් නැවතත් සංචරණ සීමා..?

0
Dr. Asela Gunawardena Statement of Covid Situation Now - ආසාදිතයන් ප‍්‍රමාණය ඉහළ ගියහොත් නැවතත් සංචරණ සීමා..?

රට විවෘත කර ඇති තත්වයක් මත ජනතාව වගකීමෙන් තොරව හැසිරෙන බව නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ නම් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

මෑත කාලයේදී උත්සව සාද මංගල අවස්ථා කිහිපයක් වසංගතය පැතිර යන ආකාරයට පැවැතුණු බවට වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියි.

ආසාදිතයන් ප‍්‍රමාණය යළි ඉහළ ගියහොත් නැවතත් සංචාරන සීමා පැනවීමට සිදුවුණු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

පවතින තත්වය මත උත්සව පැවැත්විම සදහා ඉක්මණින්ම සීමා පැනවිමට සිදුවනු ඇති බවත් ඔහු පැවසිය.