ඇතුළෙන්ම ආණ්ඩුවට රතු එළි

0
SLFP Red Light to Government - ඇතුළෙන්ම ආණ්ඩුවට රතු එළි
ආණ්ඩුවේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු අයවැය අවසන් ඡන්ද විමසීමට පෙර ආණ්ඩුවෙන් එළියට ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ආරම්භ වී තිබේ.

ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන් රැසක් එක්ව මෙම රහසිගත මෙහෙයුම කි‍්‍රයාත්මක කරන අතර මේ වනවිටත් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් කීවේය.

පොදුජන පෙරමුණෙන් දිගින් දිගටම සිදුවන කුඩාම්මාගේ සැලකිලි ඉවසාගෙන සිටීමට නොහැකි වීමත්, ආණ්ඩුවේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී තමන්ව නොසලකා හැරීමත් මෙයට හේතුව යැයි එම නිදහස් පක්‍ෂ ප‍්‍රකාශකයා කීවේය.

මේ අතර ඉදිරිපත් කරන අයවැය ලේඛනයට අන්තර්ගත වන කරුණු ගැන බලා ඒ පිළිබඳව තීන්දු තීරණවලට එළැඹීමට ද ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවල අවධානය යොමුවී තිබෙන බව එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ කිහිපදෙනෙක් කීය.