අද කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 135 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ කොවිඩ් ආසාදිත බව හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 617ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 544,495කි.

කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 514,912ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.