කප්පම් ගන්නා අලුත් ක්‍රමයක් ගැන පොලිසිය දැනුම්දෙයි

0
Extortion - කප්පම් ගන්නා අලුත් ක්‍රමයක් ගැන පොලිසිය දැනුම්දෙයි
බස්නාහිර පළාතේ සංවිධානාත්මක රිය අනතුරු සිදු කර අනතුරට ලක්වන පුද්ගලයන් බිය ගන්වා ඔවුන්ගෙන් කප්පම් ලබා ගෙන පලා යන සිද්ධීන් කිහිපයක් පොලිසියට වාර්තා වී ඇත.

එසේ සංවිධානාත්මකව අනතුරු සිදු කිරීමෙන් පසුව පොලිසිය වෙත පැමිණිලි කිරීමට එම පුද්ගලයන් ඉඩ දෙන්නේ නැතැයි ප්‍රජා පොලිස් ඒකකය ඊයේ (04) පැවසීය.

අහිංසක මිනිසුන් මෙවැනි ආකාරයට රිය අනතුරුවලට ලක්වීමට සලසා වාහන පදවන අයගෙන් කප්පම් ගැනීමේ කූට වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට පොලිසියට වාර්තා වී තිබේ.

මෙවැනි සිද්ධින් පිළිබඳව ප්‍රදේශවාසී කමිටු සාමාජිකයන් ලෙස මහජනතාව දැනුවත් කර, පොලිසිය හෝ අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස ප්‍රජා පොලීසිය ඉල්ලා සිටියි.