සපුගස්කන්දේ මළ සිරුර හඳුනා ගැනෙයි

0
Identify Deth Body -සපුගස්කන්දේ මළසිරුර හඳුනා ගැනෙයි
සපුගස්කන්දේ තෙල් පිරිපහදුව අසළ මාර්ගයක කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවට තොරතුරු හෙළිවී තිබෙනවා

42 හැවිරිදි දෙදරු මවක් වන ඇය පසුගිය 28වන දා සිට ඇය අතුරුදන්වී ඇති බවට සැමියා විසින් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබු බවයි වාර්තා වන්නේ.

සැමියා සහල් ව්‍යාපාරිකයෙකු වන අතර මිය ගිය කාන්තාව රැකියාවක නිරත වී නැහැ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසළ මාර්ගයක කසල ගොඩක් තිබු ස්ථානයෙන් දුඟදක් හමන බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂා කිරීමේදී මෙම සිරුර හමුව තිබුණා.