ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහි වෘත්තිය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

0
The unions are in a crucial discussion today - වෘත්තිය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක
යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග වලට සෙසු වෘත්තීය සමිතිවල සහය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹ දී පවත්වන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලි ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කළා.

එහි නියෝජිත, ලං.වී.ම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීමට නියමිත බවයි.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුම අත්සන් කළේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනෑන්ඩෝ පසුගිය දා ප්‍රකාශ කර ති