මුඛයෙන් ලබාදෙන ලොව ප්‍රථම කොරෝනා ඖෂධය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය

0
Covid 19 medicine - මුඛයෙන් ලබාදෙන ලොව ප්‍රථම කොරෝනා ඖෂධය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය
කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කර ඇති එන්නතක් නොවන පළමු ඖෂධය වන මොල්නුපිරවිර් (Molnupiravr) නමැති ප්‍රතිවයිරස කැප්සියුලය භාවිතයට බ්‍රිතාන්‍ය ඊයේ (4දා) අනුමැතිය ලබාදුන්නේය.

රෝගීන් මියයෑමේ අවදානම 50%කින් අඩුවෙයි

බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නියාමන නියෝජිතායතනය (MHRA) විසින් මෙලෙස ලබාදී ඇති අනුමැතියට අනුව කොවිඩ් 19 රෝග ලක්ෂණ පහළ වී දින 5ක් ඇතුළත හැකි ඉක්මනින් මෙම ඖෂධය ලබාගැනීම සුදුසු වේ.

මර්ක් (Merck CMRK.N) සහ රිජ්බැක් (Ridqback Biotherapeuics) යන ආයතන දෙක ඒකාබද්ධව සංවර්ධනය කර ඇති මෙම කැප්සියුලය කොවිඩ් 19 වයිරසය මර්දනය සඳහා අනුමත කරන ලද ලොව ප්‍රථම මුඛ ප්‍රතිවයිරස් ප්‍රතිකාරය වේ.

මේ අතර විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ Molnupiravir ඖෂධය සඳහා අවසර ලබාදිය යුතුද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය එක්සත් ජනපදය විසින්ද මේ මාසය තුළ ගනු ඇති බවයි. මෙම ඖෂධය භාවිත කළ වැඩි අවදානම් සහිත කොවිඩ් 19 රෝගීන්ගෙන් මියයෑමේ සහ රෝහල්ගත වීමේ අවදානම 50%කින් අඩුකර ඇතැයිද බ්‍රිතාන්‍යයේ සිදුකළ පරීක්ෂණවලදී සනාථ වී ඇත.