පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් සමඟ අත් අඩංගුවට

0
PC arrested with drug- පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් සමඟ අත් අඩංගුවට
තංගල්ල ප්‍රදේශයේ හෝටල් කාමරයක කාන්තාවක් සමඟ හෙරොයින් මත්ද්‍රව්‍ය අසුරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් 32 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයා අම්බලන්තොට – කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචි හුංගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 41 හැවිරිදි ගන්දර – තලල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය, මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මොවුන් සතුව තිබී පොලිස් භාරයට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 28යි මිලිග්‍රෑම් 580ක්.