සහල් සහ සිමෙන්ති හිඟය තවත් සතියක්

0
Bandula Gunawardena Statement of Rice and Cement - සහල් සහ සිමෙන්ති හිඟය තවත් සතියක්

ඉදිරි සති 02 තුළ සහල් සහ සිමෙන්ති හිඟයට විසදුම් ලැබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම සතොස මගින් අඩු මිලට අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සීමා සහිතව ලබාදෙන්නේ ඒවා සැබවින්ම අවශ්‍ය පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණින් බවද වෙළඳ අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, රට පුරා එළවළු මිල ගණන්ද යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් සුපිරි වෙළෙඳසල්වල බෝංචි, කැරට්, ලීක්ස් ඇතුළු එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 සිට 300 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

රට පුරා එළවළු සිල්ලර වෙළෙදාමේ නිරත වන්නන් පවසන්නේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ එළවළු වෙළෙඳපොළේ එළවළු තොග මිල ඉහළ යෑම නිසා සිල්ලර මිලද ඉහළ ගොස් ඇති බවයි.