2040 දී ගල් අඟුරු භාවිතය නතර කරන්න.. ලෝක නායකයන් එකඟ වෙයි..

0
World leaders agree - 2040 දී ගල් අඟුරු භාවිතය නතර කරන්න, ලෝක නායකයන් එකඟ වෙයි
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබදව සමුළුවේදී 2040 වසර වනවිට ගල් අඟුරු භාවිතය නැවැත්වීමට ලෝක නායකයින් රැසක් පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

රටවල් සහ සංවිධාන 190ක් එක්ව මෙම එකඟතාව පළ කළ ද ගල් අඟුරු බහුලව භාවිතා කරන ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, චීනය සහ ඇමරිකාව තවමත් මීට එකඟතාවය පළ කර නැහැ.

කෙසේවෙතත් එංගලන්තය ගල් අඟුරු භාවිතය නැවැත්වීමට පොරොන්දුවක් ලබාදී ඇති අතර ඔවුන් ප්‍රකාශ කළේ, මෙම කටයුත්ත සඳහා අනෙකුත් නායකයින්ද සහය ලබාදිය යුතු බවයි.