දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක්

0
Price of a cigarette - දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක්
දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා ඉදිරිපත් කළ මිල සූත්‍රය හේතුවෙන් ඉදිරි අයවැයේ දී දුම්වැටි මිල ඉහළ යා හැකි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

මිල සූත්‍රයට අනුව සෑම වසරකම දුම්වැටියක මිල ඉහළයාම සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවක දී වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේය.

“දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා විද්‍යාත්මක සහ විනිවිද භාවයකින් යුක්ත මිල සුත්‍රයක් අපි ඉදිරිපත් කළා. අපි බලාපොත්තුව වෙනවා මේ ළඟ ළඟ එන අයවැයෙන් දුම්වැටියේ මිල ඉහළ යන බව. මේ දුම්වැටියේ මිල නියමකිරීමේ මිල සුත්‍රයක් හඳුන්වාදීම මම හිතනවා ඓතිහාසික පියවරක්. මේ මිල සූත්‍රය ඉදිරිපත් වුණු දවසේ ඉඳන් මේ රටේ දුම්වැටි තිබෙන තාක් හැම අවුරුද්දකම දුම්වැටියේ මිල ඉහළ යනවා. පාරිභෝගිකයාට මිලදී ගන්න බැරි මට්ටම දක්වා අපි දුම්වැටියේ  මිල ඉහළ දානවා.”

දුම්පානය හා මධ්‍යසාර භාවිතයට ඇබ්බැහිවූවන් ඉන් මුදාගැනීම සඳහා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කැපවී සිටින බව ද එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.