වේලාව වෙන් කර ගැනීමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින්න

0
Avoid coming to the Department of Motor Vehicles - මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින්න
වේලාව වෙන් කර ගැනීමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වලකින ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඉල්ලා සිටිනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර, එයට ඇමතුමක් ලබා දීමෙන් වේලාවක් වෙන්කර ගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

දැනට කිසිදු තදබදයක් නැති බවත් අද දිනයේ දී ඇමතුමක් දුන් විට හෙට හෝ අනිද්දා දිනයක් වෙන් කරවා ගත හැකි බවත් ඔහු සඳහන් කරන්වා.

එබැවින් කිසිසේත්ම තැරැව්කරුවන්ට හසු නොවන ලෙස ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.