කොවිඩ් මරණ අවදානම අඩුකරන ඖෂධයක් සොයා ගනී

0
Covid discovers a drug - කොවිඩ් මරණ අවදානම අඩුකරන ඖෂධයක් සොයා ගනී
මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන මිල අඩු සහ බහුලව ලබාගත හැකි ෆ්ලුවොක්සමයින් (Fluoxetine} ඖෂධය මගින් කොවිඩ් – 19 වයිරසයෙන් සිදුවන මරණ අවදානම සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාව අවම කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ සෛල ජීවවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

‘ද ලැන්සෙට්’ සඟරාව විසින් ප්‍රකාශයට පත්කර ඇති අධ්‍යනයක් උපුටා දක්වමින් ආචාර්ය ජීවන්දර මෙම තොරතුරු අනාවරණය කරයි. එම අධ්‍යනයට සහභාගි වූ පිරිස අතුරින් කොවිඩ් – 19 මරණ අනුපාතය 90%කින් සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබාදී‍ම් අවශ්‍යතාව 65%කින් පහත වැටී තිබේ.

ෆ්ලුවොක්සමයින් යන ඖෂධය මානසික අවපීඩනය සහ තවත් උමතු තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා උපයෝගී කරගනු ලැබේ. මෙම අධ්‍යයනයට බ්‍රසීලයේ කොවිඩ් – 19 වැලඳුණු, දරුණු රෝගවලට ගොදුරුවීමේ වැඩි අවධානමක් සහිත පුද්ගලයන් 1497ක් යොදාගෙන ඇත.