කාබනිකව අස්වැද්දූ නාඩු වී රුපියල් 100 කට ගන්නවා

0
Mahindananda Aluthgamage Statement of Nadu Price - කාබනිකව අස්වැද්දූ නාඩු වී රුපියල් 100 කට ගන්නවා
කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මේ දිනවල රටපුරා රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ ඉන්නේ සැබෑ ගොවීන් නොමැති බව කී අලුත්ගමගේ මහතා හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවද සඳහන් කළේය.

වී කිලෝවකට පළමු වරට රුපියල් අසූවක් ලැබුනේ තමා ඇමති සමයේ බව තම රුව සහිත පඹයන් හදා පුච්චන ගොවීන්ට අමතක වී තිබෙන බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

රජය ලබාදෙන මෙම සහතිකය ගැන විශ්වාසය තබා වහාම ගොවිතැනට යොමු වන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.