මැතිවරණ කොමිෂන් සභාවෙන් ඡන්දහිමියන්ට නිවේදනයක්

0
An announcement to the voters - ඡන්දහිමියන්ට නිවේදනයක්

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දේපළ අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව දැනුම්දෙයි.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ඡන්දය ලියාපදිංචිවීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවය.

ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම අධිකරණයක් මගින් දඩයකට හෝ බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දෙකටම හෝ යටත්විය යුතු වරදක් බවද එම කොමිසම සඳහන් කරයි.

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව දේපළ අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව දැනුම්දෙයි. මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ඡන්දය ලියාපදිංචිවීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවය. ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම අධිකරණයක් මගින් දඩයකට හෝ බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දෙකටම හෝ යටත්විය යුතු වරදක් බවද එම කොමිසම සඳහන් කරයි. මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,