ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි අනතුරු ඇඟවීමක්.. ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට…

0
Water levels in several reservoirs rise - ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි අනතුරු ඇඟවීමක්.. ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට...
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කොත්මලේ ,වික්ටෝරියා ,රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

ඒ හේතුවෙන් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙනවා

එමෙන්ම උඩවලව ජලාශයේ වාන් දොරටුවක් අද (03) උදෑසන විවෘත කර තිබෙන අතර එම ජලය වලවේ ගඟට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේ.

වලවේ ගඟ ආශ්‍රිතව ජිවත්වන ජනතාවට ගඟේ වතුර මට්ටම පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසද ඉල්ලීමක් කරනවා.