දුම්පානය ගැන දුන් අවවාදය දුරදිග යයි.. සිමෙන්ති ගලෙන් හිසට ගසා පැදුරෙන් ඔතා ළිඳට දමලා…

0
Management Smoking - දුම්පානය ගැන දුන් අවවාදය දුරදිග යයි.. සිමෙන්ති ගලෙන් හිසට ගසා පැදුරෙන් ඔතා ළිඳට දමලා...
කිලිනොච්චිය ප්‍රදේශයේ තරුණයෙකුගේ හිසට පහරදී ළිඳට දමා ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාති සොහොයුරකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය තරුණයා දිගු කලක සිට මිත්‍රයන් සමඟ සිගරැට් බීමට ඇබ්බැහිවී සිට ඇති අතර එය නතර කරන ලෙස සැකකරු අවවාද කිරීමත් සමග ඇතිවූ බහින්බස් වීමක් අතරතුරදී සිදුකළ පහරදීමකින් ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරු හා මියගිය තරුණයා අතර වූ බහින්බස් වීමෙන් පසුව සැකකරු සිමෙන්තියෙන් සෑදු ගලක් ගෙන මියගිය තරුණයාගේ හිසට පහරදී ඇති අතර, පසුව සිහිනැතිව ඇදවැටී සිටි තරුණයාගේ සිරුර පැදුරක ඔතා නිවෙස ආසන්නයේ පාළු ඉඩමක තිබූ ළිඳකට දමා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.