සීමාවන්ට යටත්ව ගැබිනි මව්වරුන් යළි සේවයට

0
Pregnant mothers return to work - ගැබිනි මව්වරුන් යළි සේවයට
ගැබිනි මව්වරුන් යම් යම් සීමාවන්ට යටත්ව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ප්‍රකාශ කළා.
පාසල් ආරම්භයත් සමග කුඩා දරුවන් අතර කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

දරුවන්ට යහපත් සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම සහ හුරු කරවීම ඊට ඇති එකම විසඳුම බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම එන්නත් ලබා ගත්තද කොවිඩ් වෛරසය බෝ වීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදී මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමුකර එම තීරණයට එළඹි බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අමාත්‍යාංශ මට්ටමින් මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදුකෙරෙනු ඇති.