හෙට විදුලිය බිඳ වැටුණොත් යථා තත්ත්වයට පත් කිරීමට කල් ගත වේවි

0
Power cutting - හෙට විදුලිය බිඳ වැටුණොත් යථා තත්ත්වයට පත් කිරීමට කල් ගත වේවි
හෙට (03) දිනයේ වැඩ වර්ජනයක් සිදු නොකරන බව ලංකා විදුලි බල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සඳහන් කළා.

දැවැන්ත විරෝධතාවක් පමණක් පැවැත්වෙන අතර සේවකයන් කොළඹට කැඳවීමට කටයුතු කරන නිසා විදුලි බිඳ වැටීමක් සිද්ධ වුවහොත් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කල් ගත විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර විදුලි බලාගාරවල සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල සේවකයන් කිහිප දෙනෙක් සේවයේ යෙදෙන බවද රන්ජන් ජයලාල් මහතා කියා සිටියා.