ATM යන්ත්‍රයට ගෙනා ‘මුදල් රැගෙන’ රියදුරු පළා යයි

0
'Take money' - ATM යන්ත්‍රයට ගෙනා ‘මුදල් රැගෙන’ රියදුරු පළා යයි
පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයකට බැර කිරීමට ගෙනා මුදල් රැගෙන පළා ගිය පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් නගරයේ දී යන්ත්‍රයට මුදල් දමන අතරතුර  වෑන් රථයේ   රියදුරු එහි තිබු රුපියල් හය කෝටි හැත්තෑ හතර ලක්ෂ දහනමදහස් හත්සීයක මුදලක් ද රැගෙන මෙලෙස පළා ගොස් තිබුණා.

වාහනයට සවිකර තිබු චන්ද්‍රිකා දත්ත උපකරණය මගින් ගමන් කරන මාර්ගය නිරීක්ෂණය කර  නුවර හැටන් මාර්ගයේ රේන්දපොල යන ස්ථානයේදී ඔහුව අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.