ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අද

0
සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිතයි.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම කෙටි කාලයකදී දේශපාලන බල පෙරළියක් සිදුකිරීමට සමත් වූණා.

අද පැවැත්වෙන සම්මේලනය සෞඛ්‍ය අංශවලින් ලබා දී තිබෙන මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.