ගම්මන්පිල එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක්

0
gammanpila

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍රභලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ‘අද’ට වාර්තා වෙයි.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම හා සම්බන්ධ ගිවිසුම මෙන්ම ආණ්ඩුව ගනු ලැබූ තීරණ බලශක්ති අමාත්‍යධුරයේ සිටියදීම දැඩි ලෙස විවේචනයට ලක්කිරිම හා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කිරීම මේ සඳහා ආසන්නතම හේතුව වී ඇති බවද වාර්තා වෙයි.

උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය පක්ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වුවත් එය නියෝජනය කර පාර්ලිමේන්තුවේ සිටින්නේ ගම්මන්පිල මහතා පමණක් බැවින් ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව ගියද ආණ්ඩුවට ගැටලුවක් නොවන බවත් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම මගින් ආණ්ඩුවට දැඩි හානියක් බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට දන්වා ඇති බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 04දාය.
ඔහු පැමිණීමෙන් පසු මේ පිළිබඳව අවසන් තීරණය ගනු ඇති බවද වාර්තා වෙයි.