වාහනවල මිල පහළට

0
Car Prices in Sri lanka - වාහනවල මිල පහළට

වෙළෙදපළේ ඉහළ ගොස් තිබූ වාහනවල මිල ගණන් මේ වන විට යම්තාක් දුරට පහත බැස ඇති බවත්, එය ස්ථාවර මිලක පවතින බවත්, වාහන ආනයනකරුවන් පවසනවා.

කෙසේ වෙතත්, පාලනය කළ නොහැකි අයුරින් වාහන අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

ඇතැම් වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් විසින් අසාධාරණ අන්දමින් අමතර කොටස් මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා.

ඩොලරයේ අගය ඉහළයාම ඇතුළු වෙළඳපල තත්වයන් මත වාහන අමතර කොටස් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අප කළ විමසීමකදී කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ වනවිට වෙළදපළෙහි වාහනවල මිල ස්ථාවර වී ඇති අතර, එය යම් සාධනීය තත්වයක් බව ද ඔහු ප්‍රකාශ කළා.