තියණු ආයුධවලින් පහරදී නැන්දම්මා ඝාතනය කළ බෑණා

0
Women Murder in Aguruwathota - තියණු ආයුධවලින් පහරදී නැන්දම්මා ඝාතනය කළ බෑණා

බෑණා විසින් තියණු ආයුධවලින් පහරදීම හේතුවෙන් නැන්දම්මා ජීවිතක්‍ෂයට පත් වූ පුවතක් අගුරුවාතොට රෙමුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බෑණාගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ මාමාද හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 8.30ට පමණයි.

කිසියම් පුද්ගලයෙකු විසින් අඹුසැමි යුවළට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

බරපතල කැපුම් තුවාල ලැබූ කාන්තාවක් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර, තුවාල ලැබූ ඇගේ සැමියා බරපතල තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 58 හැවිරිදි දෙදරු මවක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු පහකෑමට ලක් වූ යුවළගේ දියණියගේ සැමියා බවයි.

තම දියණියට බෑණාගෙන් සිදුවන හිරිහැර පිළිබඳව ඇගේ මව සහ පියා සැකකරුට අවස්ථා කිහිපයකදීම අවවාද කර තිබුණා.

ඉන් උරණ වූ බෑණා මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසිය පරීක්‍ෂණ පවත්වනු ලබනවා.