මසුන් මැරීම පාපයක් යැයි දේශනා කිරීම නිසා කෝපයට පත් පිරිසක් හිමිනමක් ඝාතනය කරයි

1
හිමිනමක් ඝාතනය කරයි - Matara hospital

පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පහර දී හිමිනමක් ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තෙ වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිකාරි හිමිනමක් බවට පුවත්පත් වාර්තා කර තිබෙනවා.

විහාරස්ථානය අසල ඇළේ මාළු අල්ලමින් සිටි තරුණයකු හට මසුන් මැරීමෙන් අකුසල් සිදුවන බවට උන්වහන්සේ පවසා තිබුණා.

හිමිනමගේ උපදෙස් වලින් කෝපයට පත් මෙම තරුණයා තවත් තරුණයන් සිව්දෙනකු සමඟ විහාරස්ථානයට පැමිණ උන්වහන්සේට පහරදී ඇති අතර පහරකෑම්වලට ලක්වූ ස්වාමීන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කළා.