නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් යළිත් අවදානම් බවට අනතුරු ඇගවීම්

0
Upul Rohana Statement of Covid - නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් යළිත් අවදානම් බවට අනතුරු ඇගවීම්

පළාත් අතර සංචරණ සීමා අද අලුයම සිට ඉවත් කර ඇති පසුබිමක මහජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් යළිත් වරක් අවාසනාවන්ත තත්වයකට රට ගමන් කරනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සදහන් කළේ ඇතැම් ප්‍රදේශවල යළිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළයාමේ ලක්ෂණ මේවනවිටත් පෙන්නුම් කර ඇති බවයි.

එබැවින් පවතින වාතාවරණය නිසිලෙස අවබෝධ කරගනිමින් සෞඛ්‍ය උපදෙස් අනුව එදිනෙදා කටයුතු පවත්වාගෙනයන ලෙසයි උපුල් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කොවිඩ් වසංගතය හමුවේ මාස කිහිපයක් පුරා පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද අලුයම සිට ඉවත් කෙරුණා.

ඒ අනුව හෙට දිනයේ සිට පොදු ප්‍රවාහන සේවා ද සාමාන්‍යපරිදි ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අතර පාසල් පවත්වාගෙනයාමේදී සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මීළග කොවිඩ් මර්ධන කාර්යය සාධක බළකා රැස්වීමේදී පෙන්වාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.