මහජන බැංකුව අසාදු ගත කර ඇති බව මා දන්නේ නෑ

0
Basil Rajapaksa Statement of People Bank Blacklist - මහජන බැංකුව අසාදු ගත කර ඇති බව මා දන්නේ නෑ

යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන් තවම කල්පනා නොකළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුයේ මහනුවරට ගොස් දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍යෙව්දින් ඉදිරිපත් කළ පැනයන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

දළදා වහන්සේ වැඳපුදා ගත් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මල්වතු හා අස්ගිරි මහනාහිමි වහන්සේලා බැහැ දැක ඉදිරියේදි ඉදිරිපත් කිරිමට යන අයවැය සම්බන්ධව දැනුවත් කළේය.

මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිමට පැමිණි බවත් රටටත් ජනතාවටත් හොද අයවැයක් ඉදිරිපත් කිරිමට වාසනාව ඇතිවේ යැයි කියා තමන් සිතන බවද අමාත්‍යවරයා කිය.

මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මහජන බැංකුව බැලැක්ලිස්ට් කර ඇති බව තමාට දන්වා නැති බව පැවැසිය.