එන්නත්වල ආරක්ෂාව බිඳිය හැකි කොවිඩ් ප්‍රභේදයක්

0
Channa Jayasumana Statement of Covid New Variant - එන්නත්වල ආරක්ෂාව බිඳිය හැකි කොවිඩ් ප්‍රභේදයක්

ෆයිසර්,ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව කැඩිය හැකි ඒ.30 නමැති කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙම වයිරස ප්‍රභේදය ගැන අද මුළු ලෝකයම අවධානයෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද පෙන්වා දුන්නේය.

මේ අතර විවාහ උත්සව හා අවමංගල්‍ය උත්වලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කළහොත් කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය.