පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගය අද

0
SL vs SA T20 in ICC Worlcup - පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්වෙනවා.

පස්වරු 03 යි 30 ට ශාජා හිදී එය ආරම්භ වනු ඇති.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලින් බටහිර ඉන්දීය කොදෙව් සහ පකිස්ථාන කණ්ඩායම් සමත්වුණා.

සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ළකුණු 03 ක තියුණු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

ශාජා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව් කණ්ඩායමට ආරාධනා කලා. ඒ අනුව කොදෙව් කණ්ඩායම කඩුලූ 7 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 142 ක්.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කළේ ලකුණු 139 ක් පමණයි.

මේ අතර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති අනෙක් තරගයෙන් ජය ගැනීමට පකිස්ථානය සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලූ 5කින් පරාජයට පත්කරමින්.

ඩුබායි හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 147ක්.

මොහොමඩ් නබි සහ ගුල්බදීන් නයිබ් ඇෆ්ගනිස්ථාන ශක්තිමත් කළේ ලකුණු 35 බැගින් ලබා ගනිමින්.

ලකුණු 148ක ඉලක්කයක් සහිතව පිටියට පැමිනි පාකිස්ථානුවන් තරගයේ 19 වන පන්දුවාරය අවසානයේ කඩුලූ 5ක් පමණක් දැවී තරගය ජයගත්තා.

නායක බාබර් අසාම් පන්දු 47කදී ලකුණු 51ක් රැස්කිරීමට සමත් වුණා.