චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ලේඛන ගත කෙරේ

0
Peoples Bank Blacklist by Chinese Embassy - චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ලේඛන ගත කෙරේ

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අසාදු ගතකර තිබේ.

එම තීරණය ගනු ලැබුවේ, මෑතකදී එම බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් බව චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.

දැනට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහාය.

නමුත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.