අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

0
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ - today isolated area in sri lanka

අද (17) උදෑසන 6.00සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් එලෙස හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ද තීරණය කර තිබේ.

මේ අතර මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (17) අලුයම 04.00 ට ඉවත් කෙරුණි.

පසුගිය 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට පැනවූ සංචරණ සීමා මෙලෙස අද අලුයම 04.00 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ සිට දෛනිකව රාත්‍රී 11.00 සිට පසුදින 04.00 දක්වා සංචරණ සීමා බලපැවැත්වේ.

එමෙන්ම පළාත් අතර සංචරණ සීමා ද තවදුරටත් ක්‍රියාත්මක අතර මෙම සීමාවන් මැයි මස 31 වන දින දක්වා බලපැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයින්ට හැර සෙසු පුද්ගලයින්ට අද දිනයේ සිට නිවෙස්වලින් පිටව යා හැක්කේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය පදනම් කරගෙන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත අත්‍යවශ්‍ය කටයුතු සඳහාය.

හුදෙකලා කරනු ලැබු ප්‍රදේශ පහතින්

මේ අතර ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 21ක් මෙරටින් වාර්තා විය. – https://newsweb.lk/කොවිඩ්-මරණ-21ක්/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/