අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 142 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිත පුද්ගලයින් 540 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 538,860 ලෙසයි පවතින්නේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 7,487 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 511,863ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.