බදු අඩු කරනවානම් සහල් ආනයනයට සූදානම්

0
Deduct Request for Rice Import Taxes - බදු අඩු කරනවානම් සහල් ආනයනයට සූදානම්

රජය සහල් වෙත පනවා ඇති රුපියල් 65ක බද්ද රුපියල් 20 දක්වා අඩු කරන්නේ නම් සහල් ආනයනය කිරීමට සූදානම් බව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ වනවිට වෙළෙඳ පොළේ දැඩි සහල් හිඟයක් පවතින අතර කීරී සම්බා කිලෝව රු.225 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස බදු අඩු කරන්නේ නම් හිඟයකින් තොරව ඉන්දියාවෙන් කීරී සම්බා සහ පොන්නි සම්බා ආනයනය කර රු.130-135ත් අතර මුදලකට ලබා දීමට හැකි බව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ. දැනට මතුව ඇති පොහොර අර්බුදය නිසා මෙම දෙසැම්බර් සිට රටේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ කඩ පවතී.‍

තුවක්කු අරගෙන රට වටේ ගිහින් වැටලීම් කෙරුවත් පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි වෙ‍ළෙඳපොළේ සහල් මිලදී ගැනීමට නොහැකි නම් ඒකට වගකියන්න ඕනේ පවතින රජයයි. ඉදිරියට එන සහල් අර්බුදය අවම කිරීමට නම් දැන් සිටම සහල් ආනයනය ආරම්භ කළ යුතුව ඇති බව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ එම ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.