සිමෙන්ති මිල තව ඉහළට?

0
Cement Prices in Sri Lanka - සිමෙන්ති මිල තව ඉහළට?
ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව දේශීය සිමෙන්ති මිල ද ඉහළ යෑමක් වියහැකි බවත් සිමෙන්ති ආනයනරුවෝ පවසති.

සිමෙන්ති ආනයනය කිරීමේදී සිමෙන්ති කොට්ටයක පිරිවැය රුපියල් 1300 ක් පමණ වන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සිමෙන්ති මිලේ පොඩි වැඩිවීමක් සිදුවිය හැකි බවත් සිමෙන්ති ආනයනකරුවෝ වැඩි දුරටත් පවසයි.

රජය පසුගියදා සිමෙන්ති පාලන මිල ඉවත්කිරීමත් සමඟ සිමෙන්ති සමාගම් කිලෝ 50 කොට්ටයක් රුපියල් 93 කින් ඉහළ දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1098 ක් බවට පත්විය.