කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හමුවන්න

0
Health Section Request by People - කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හමුවන්න

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හමුවී දිනයක් වෙන් කරවාගෙන එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් සමාජයේ සිටින බවත් ඔවුන්ට කොවිඩ් අසාදිත වීමේ දැඩි අවදානමක් පවතින බවත් කඩිනමින් එම එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට එය විශාල දායකත්වයක් සපයන බවද හෙතෙම සඳහන් කළේය.

එසේම ලබන නොවැම්බර් මස පළමු වැනිදා (1දා) සිට කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ සඳහා එන්නත් මාත්‍රා මිලියන දාසයක් ජනවාරි මස වන විට මෙරටට වරින් වර ලැබීමට නියමිතය.

තවද මේ දිනවල සංචාර සඳහා සහභාගිවන පිරිස අධික සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.