ආණ්ඩුවේ ගින්දර පිටට නොදෙනු

0
President Request from Partner Parties - ආණ්ඩුවේ ගින්දර පිටට නොදෙනු

ආණ්ඩුවේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය

ඇතුළේ ප්‍රශ්න පිටතට ගොස් විවේචනය කිරීම සුදුසු නොවන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

කාබනික පොහොර වගා වැඩසටහන හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත එකක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ඇතැම් පිරිස් ආණ්ඩුවේ සිටිමින් එළියෙදි ආණ්ඩුව විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව පවසා ඇත

ඊට පිළිතුරු දී ඇති ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා විවේචනය හවුල් ආණ්ඩුවලට අලුත් දෙයක් නොවන බව සඳහන් කර ඇත.

ආණ්ඩුව යහපත් මගකට ගැනීමේ අරමුණින් කෙරෙන විවේචන සාධනීය ලක්ෂණයක් බව පෙන්වා දී ඇති ඇමැතිවරයා 1970 සිටම තමා එය අත් දැක ඇති බව ද පවසා ඇත .