තවත් කොවිඩ් මරණ 29ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 29ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (24) සිදුව ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 13,640කි.

එම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු අයත්ය.

අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.