සජිත් කරාපිටියටත් හුස්ම දෙයි

0
සජිත් කරාපිටියටත් හුස්ම දෙයි - sajith premadasa karapitiya hospital

සමගි ජන බලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි දහතුන්වන පියවර ලෙස අද (16) රුපියල් විසිහත් ලක්ෂයක් (2,700,000) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ඩබ්.ඒ.එම් ෂෙල්ටන් පෙරේරා මහතා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, එකක් රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් (1,350,000) වටිනා High Flow Nasel Oxygen System උපකරණ දෙකක් එලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන්, “ජනසුවය” එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

(https://www.mawratanews.lk/ වෙබ් අඩවිය ඇසුරෙනි)