තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (23) සිදුව ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 13,611කි.

එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.