ගැලපෙන ඇඳුමකින් සැරසී පාසල් එන්න පුළුවන්

0
School Open after Covid - ගැලපෙන ඇඳුමකින් සැරසී පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

දරුවන් වසරකට වැඩි කාලයක් පාසලට නොපැමිණීම සහ නිවසේම රැදී සිටීම නිසා ශරීර ප්‍රමාණය වැඩිවී සහ ඇඳුම් සහ සපත්තු කුඩා වීම පිළිබඳව සහ වර්තමාන ආර්ථික තත්වය අනුව දෙමව්පියන්ට අලුත් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමේ අපහසුතාව යන කරුණු පිළිබඳව අවදානය යොමුකර මෙම තීරණය ගත් බවත් ධර්මසේන මහතා සඳහන් කළේය.

පාසල් ආරම්භ වන හෙට (25) දින සිට නැවත දැනුම් දෙනතුරු මෙය ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු දැනුවත් කර ඇති බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් කීය.